තවත් නඩු තුනකට වසන්ත මුදලිගේට ඇප

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවත් නඩු තුනකට අදාළව ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළා.

අධිකරණ තීන්දු භාර නොගැනීම හා උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනාවලට ඔහුට මෙලෙස ඇප ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එක් චෝදනාකවක රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත වසන්ත මුදලිගේ මුදා හරින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වසන්ත මුදලිගේට එරෙහිව පවරා ඇති නඩුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ ඔහු නිදහස් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ වසන්ත මුදලිගේට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කර ඇති බව ඔප්පු වී ඇති බවයි.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ සියලුම චෝදනාවලින් ඔහු නිදහස් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සඳහන් කිසිදු වරදක් මුදලිගේ විසින් සිදුකර නොමැති බව ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වීම නිසා දින 140 කට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34