spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් නඩු තුනකට වසන්ත මුදලිගේට ඇප

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවත් නඩු තුනකට අදාළව ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළා.

අධිකරණ තීන්දු භාර නොගැනීම හා උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනාවලට ඔහුට මෙලෙස ඇප ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එක් චෝදනාකවක රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත වසන්ත මුදලිගේ මුදා හරින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වසන්ත මුදලිගේට එරෙහිව පවරා ඇති නඩුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ ඔහු නිදහස් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියාසිටියේ වසන්ත මුදලිගේට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කර ඇති බව ඔප්පු වී ඇති බවයි.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ සියලුම චෝදනාවලින් ඔහු නිදහස් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සඳහන් කිසිදු වරදක් මුදලිගේ විසින් සිදුකර නොමැති බව ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වීම නිසා දින 140 කට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?