AFC Banner
Empty Ad
Empty Ad

තවත් කොරෝනා මරණ 79ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 79ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12609ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 24 තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 38ක් සහ පිරිමි පුද්ගලයන් 41ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ තහවුරු කළ මරණ අතර නැහැ.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 22ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් 12ක් සහ පිරිමි පුද්ගලයන් 10ක් වශයෙන්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 26ක් සහ පිරිමි පුද්ගලයන් 31ක් මෙම මරණ 79 අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?