මෙරටින් තවත් කොරෝනා මරණ 27ක් වාර්තාවී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) තහවුරු කළ මෙම මරණ 27ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15916ක් ලෙසටයි.
වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වී නැහැ.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 8ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයන් 4ක් වශයෙන්.
අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයේ මරණ 19ක් වනවා. ඒ කාන්තාවන් 6ක් සහ පිරිමි 13ක් වශයෙන්.
මේ අතර අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 287 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 596,329 ක් දක්වා ඉහළ ගියා.
පුද්ගලයින් 19,588 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබනවා.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 631816ක් වාර්තාවී තිබෙනවා.




