තවත් ඇඟලුම් කම්හල් 2කට වෛරසය ඇතුළු වෙයි – ආසාදිතයින් 600 පනියි

තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකකින් කොවිඩ් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් හඳුණාගෙන තිබෙනවා.

මෙම ගණන 617ක්.

ඒ අතර පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ද තිබෙනවා.

එහි සේවකයින් 467 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුණාගෙන ඇතැයි පැවසෙනවා.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 2,000 ක පිරිසක් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පැවසුවේ එහි දී මෙම ආසාදිතයින් හඳුණාගත් බවයි.

තවත් දහසකගේ පමණ PCR පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව ද එහෙයින් ආසාදිතයින් ගණන තව දුරටත් ඉහළ යා හැකි බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

එමෙන්ම බණ්ඩාරගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක 150 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිමේෂා රත්නවීර ප්‍රකාශ කළා.

මේ අතර තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක 400 පිරිසක් කොවිඩ් ආසාදිතයින් බවට පත්වීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවා.

එම ආයතනය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළේ ද යන්න පිළිබඳව ද එහිදී සොයා බැලීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?