AFC Banner
AFC Banner
Empty Ad

තවත් ඇඟලුම් කම්හල් 2කට වෛරසය ඇතුළු වෙයි – ආසාදිතයින් 600 පනියි

තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකකින් කොවිඩ් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් හඳුණාගෙන තිබෙනවා.

මෙම ගණන 617ක්.

ඒ අතර පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ද තිබෙනවා.

එහි සේවකයින් 467 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුණාගෙන ඇතැයි පැවසෙනවා.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 2,000 ක පිරිසක් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පැවසුවේ එහි දී මෙම ආසාදිතයින් හඳුණාගත් බවයි.

තවත් දහසකගේ පමණ PCR පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව ද එහෙයින් ආසාදිතයින් ගණන තව දුරටත් ඉහළ යා හැකි බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

එමෙන්ම බණ්ඩාරගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක 150 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිමේෂා රත්නවීර ප්‍රකාශ කළා.

මේ අතර තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක 400 පිරිසක් කොවිඩ් ආසාදිතයින් බවට පත්වීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවා.

එම ආයතනය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළේ ද යන්න පිළිබඳව ද එහිදී සොයා බැලීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?