AFC Banner
Empty Ad
Empty Ad

තවත් ආසාදිතයින් 770ක්

අද උදෑසන වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 770 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයින් අතරින් දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉතිරි පුද්ගලයින් 768 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් වේ.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 270කි. 

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 80ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56 දෙනෙක් වාර්තාවී ඇත.

ඒ අනුව, මෙරට දෙවන කොරෝනා රැල්ලෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 51, 307ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයින් 45, 117 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 55,188කි. ඉන් ආසාදිතයින් 47, 214ක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 7,700 දෙනෙකු තව දුරටත් ප්‍රතිකාර ලබයි.

මේ අතර, ගතවුණු පැය 24 තුළ මෙරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව, මෙරටින් වාර්තාවන සමස්ත කොරෝන මරණ ගණන 274ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?