තලෙයිමන්නාරමේ තල්ගස් යායක් ගින්නකින් විනාසයි (ඡායාරූප)

තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශාල තල් ගස් යායක් හදීසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් ඊයේ (13) සවස දැඩි පරිශ්‍රමයක් යොදා පාලනය කල බවට නාවික හමුදාව පවසනවා.

උතුරුමැද නාවිකහමුදාවට අයත් ගිනිනිවීමේ අංශ නිලධාරීන්ට අදාල ගින්න පිලිබඳව දැනුවත් වීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට ගොස් ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබුණා.

නාවික හමුදා ජලබවුසර්ද යොදා ගනිමින් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න නිවා දැමීම සඳහා දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුව තිබෙනවා.

මෙම ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තල්ගස් යායට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනිතබන්නට ඇති බවට සැක සහිත බවටද ප්‍රදේශවාසීන් පවසනවා.

ගින්න පැතිරීම හේතුවෙන් තල්ගස් විශාල ප්‍රමාණයක් පිලිස්සී ඇති අතර පවතින දැඩි වියලි කාලගුණය හේතුවෙන් පෞද්ගලික හෝ පොදු ස්ථානයන්හි ගිනිතැබීමෙන් වැලකීමට පියවර ගත යුතුව ඇතැයි ද නාවිකහමුදාව සඳහන් කරනවා.

6 1
7 1
1 1 1
3 1 1
5 2
5 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !