මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්රදේශයේ පිහිටි රක්ෂිතයකින් තලගොයින් අල්ලා මස් පිණිස විකුණන පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අද (26) දින අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසනවා.
රක්ෂිතයෙන් තලගොයින් අල්ලා විවිධ පුද්ගලයින්ට සහ තරු පන්තියේ හෝටල්වලට අධික මිලගණන් වලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පුදුකුඩිඉරිප්පු රක්ෂිතයේ විශේෂ සෝදිසි වැටලීමක් සිදුකොට තිබෙනවා.
එහිදී සැකකරුවන් තිදෙනෙකු විසින් රක්ෂිතයෙන් අල්ලාගන්නා ලද තලගොයින් 4 ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පුදුකුඩිඉරිප්පු ප්රදේශයේම පදිංචි 27 සහ 55 යන වයස්හි පසුවන අය වන අතර ඔවුන් මුලතිව් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.
