AFC Banner
Empty Ad
Empty Ad

තලංගම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට (වීඩියෝ)

තලංගම රොබට් ගුණවර්ධන මාවත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අද උදෑසන මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම පුද්ගලයාට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් තිබුණා.

මියගොස් ඇත්තේ කොරාඹේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

වෙඩි තැබීම පිස්තෝල ගිනි අවියකින් සිදු කර ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?