තරුණ අඹුසැමි යුවළක් පැහැරගනී – තියුණු ආයුධවලින් පහර දී සැමියා ඝාතනය කරලා

පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් එහි පිරිමි පුද්ගලයාට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව වඩුක්කෝට්ටේ පොලිසිය පවසනවා.

ඊයේ (11) රාත්‍රියේ වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්‍රදේශයේ දී මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා 24 හැවිරිදි වියේ පසු වූ වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙලෙස ඝාතනය ලක් වූ පුද්ගලයා ඊයේ සිය බිරිඳ සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඔහු සමඟ අමනාපව සිටින පුද්ගලයෙක් මෝටර් රථයකින් පැමිණ තිබෙනවා.

ඒ, බව දැක ඇති අදාළ පුද්ගලයා යතුරුපැදිය ආපසු හරවාගෙන පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසළට ධාවනය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෝටර් රථයේ සිටි පිරිස යතුරුපැදිය පසුපස පන්නාගෙන විත් යතුරුපැදිය සමඟ අදාළ යුවළ පැහැරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව කාන්තාව සිත්තන්කේනි හන්දිය ප්‍රදේශයේ දමාගොස් පිරිමි පුද්ගලයා රැගෙන ගොස් තිබෙනවා.

එහිදී අදාළ පුද්ගලයාට තියුණු ආයුධවලින් පහර දී බරපතළ සිදුකර කොට්ටකාඩු රෝහල අසළට මෝටර් රථයකින් ගෙනවිත් දමා පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එම පුද්ගලයා රෝහල් ගතකර ඇති අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ඝාතනය සම්බන්ධ සැකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?