තරුණ අඹුසැමි යුවළක් පැහැරගනී – තියුණු ආයුධවලින් පහර දී සැමියා ඝාතනය කරලා

පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් එහි පිරිමි පුද්ගලයාට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව වඩුක්කෝට්ටේ පොලිසිය පවසනවා.

ඊයේ (11) රාත්‍රියේ වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්‍රදේශයේ දී මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා 24 හැවිරිදි වියේ පසු වූ වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙලෙස ඝාතනය ලක් වූ පුද්ගලයා ඊයේ සිය බිරිඳ සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඔහු සමඟ අමනාපව සිටින පුද්ගලයෙක් මෝටර් රථයකින් පැමිණ තිබෙනවා.

ඒ, බව දැක ඇති අදාළ පුද්ගලයා යතුරුපැදිය ආපසු හරවාගෙන පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසළට ධාවනය කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෝටර් රථයේ සිටි පිරිස යතුරුපැදිය පසුපස පන්නාගෙන විත් යතුරුපැදිය සමඟ අදාළ යුවළ පැහැරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව කාන්තාව සිත්තන්කේනි හන්දිය ප්‍රදේශයේ දමාගොස් පිරිමි පුද්ගලයා රැගෙන ගොස් තිබෙනවා.

එහිදී අදාළ පුද්ගලයාට තියුණු ආයුධවලින් පහර දී බරපතළ සිදුකර කොට්ටකාඩු රෝහල අසළට මෝටර් රථයකින් ගෙනවිත් දමා පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එම පුද්ගලයා රෝහල් ගතකර ඇති අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ඝාතනය සම්බන්ධ සැකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15