තරුණියන්ගේ හිත් වසඟ කළ සුරාජ් මාපා සප්‍රයිස් වුණු හැටි

ප්‍රේක්ෂක හදවත් තුළ ලැඟුම්ගත් ආදරණීයම කලා තරුවක් තමයි සුරාජ් මාපා කියන්නේ.
ඔහු ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා.

අවුරුද්දෙන් අවුරුද්ද ගතවෙලා උපන් දිනයක් ලබද්දී හිතට දැනෙන්නෙ කොයි වගේ හැඟීමක් ද?
උපන් දිනයක් ලබනවා කියන්නෙ මට නම් ගොඩක් සතුටු හිතෙන දෙයක්.

ගොඩක් දෙනා අවුරුද්දෙන් අවුරුද්ද වයසට යාම පිළිබඳ දුක් වෙනවා. සුරාජ්ට තරුණ වයස ටිකින් ටික ගෙවී යාම ගැන පුංචි හෝ දුකක් නැද්ද ?
අනේ නැහැ. ඇයි අපි දුක් වෙන්නෙ. ජීවිතේ හැමදාම සතුටින් ගෙවන්නයි මට නම් ඕනෑ.
අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා අපි පරිණත වීමක්නෙ සිද්ධ වෙන්නෙ. ඉතින් අපි ඒ ගැන සතුටු වෙන්න ඕනෑ. අපේ ජීවිතේ අපිට සමහර දේවල් ලැබෙනවා. නොලැබෙනවා. ඒ හැමදේම මධ්‍යස්ථයි. හැමදේම දරාගෙන සතුටින් ජීවත් වෙන්නයි අවශ්‍ය වෙන්නෙ. වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියලා මට හැගෙන්නෙ. මොකද අපි මැරිලාත් ආයෙ ඉපදෙනවා නම් නැවතත් ජීවිතයක් තියෙනවා. ඒ ඉපදීලා ආයෙත් මැරෙනවා. ඉතින් මේ සංසාරේ පුරාවට අපි කොච්චර මැරිලා ඉපදිලා ඇත් ද? ඒ නිසා වයසට යන එක ආශීර්වාදයක් කියලා හිතාගෙන මම ජිවත්වෙන්නෙ.

මොනවද ඒ දවසට කරන්නෙ?
පුංචි කාලෙ ඉඳලම මගේ උපන් දිනයට විශේෂ දෙයක් අපේ ගෙදර සිදුවුණා. මගේ උපන් ගම නුවර, ගෙදර මම තමයි බාලයා. මට ඉන්නේ අක්කලා දෙන්නෙක්.

ඉතින් පුංචි කාලෙදීත් අම්මයි, තාත්තයි මම වෙනුවෙන් දෙයක් කළා. විශේෂයෙන්ම පිං දහම්වල තමයි යෙදුණේ. මොකද මගේ උපන් දිනය යෙදිලා තියෙන්නෙ වසරක උදාවත් එක්කමනෙ.

ඉතින් අවුරුද්දෙ මුල හැමදාම දළදා මාළිගාවේ වැඩසටහන් තියෙනවා. අපි අනිවාර්යයෙන් පවුලෙ හැමෝම ඒ දේවල්වලට සම්බන්ධ වෙනවා. ඒ දේවල් එක්ක ඉතින් දවස ගත කරද්දී මට වගේම අම්මාට තාත්තාටත් ගොඩාක් සතුටුයි. ඉතින් ඒ උත්සවවලට සම්බන්ධ වෙලා හවස පුංචි හෝ සාදයක් ගෙදර පවත්වනවා.

යාළුවෝ ගෙදර ඇවිල්ලා කේක් කපලා කාලා සෙල්ලම් කරලා එහෙම තමයි ගෙවල්වලට යන්නේ. මගේ උපන් දිනය කිව්වම මගේ ඉස්කෝලෙ යාළුවෝ ටික එන්නෙ ගොඩක් කැමැත්තෙන්, මම මහනුවර තිස්ස විදුහලට ගියේ. ඉතින් අපේ ගෙදරට මගේ යාළුවෝ ආවම අම්මා හරිම ආදරෙන් සංග්‍රහ කරන්නෙ.

අනිවාර්යයෙන්ම අම්මාගේ අතින්ම කේක් එකක් නිර්මාණය කරනවා. කොයි තරම් කේක් එක එක්කෙනාගෙන් ලැබුණත් මම කැමතිම අම්මා හදන කේක් එකට තමයි. ඒ දේ අම්මා මිය යනතුරුම මම වෙනුවෙන් කරපු දෙයක්. තරුණ අවධියට ආවාට පස්සෙත් ඒ දවසට පවුලෙ අයත් යාළුවොත් එකතු කරගෙන අනිවාර්යයෙන්ම පිං කටයුත්තක තමයි නිරත වුණේ.

ගිය වසරේ උපන් දිනය වෙනුවෙන් ඔබ විශේෂ කටයුත්තක නිරත වුණා නේද?
කොරෝනා නිසා කිසිවක් කර කියා ගත නොහැකිව ඒ තුළින් බැට කාපු අපේම ක්ෂේත්‍රයේ කලාකරුවන් සහ කාර්මික ශිල්පීන් කිහිප දෙනෙක් හිටියා.

ඒ අයට මට පුළුවන් විදියට බඩු මල්ලක් යවලා පුංචි උදව්වක් කළා. මොකද ගොඩක් දෙනෙක් දුප්පත් අය හොය හොයා යන අවස්ථාවල කිසි කෙනෙක්ගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙන්නත් බැරි ඉල්ලන්නත් බැරි පිරිසක් ක්ෂේත්‍රයේ ඉන්නවා. ඉතින් මට හිතුණා ඔවුන් වෙනුවෙන් දෙයක් කළොත් හොඳයි කියලා.

මෙවර කොයි වගේ කටයුත්තක ද නිරත වෙන්න සූදානම ?
මෙවර උපන් දිනය නම් මට ටිකක් විශේෂයි. මොකද මගේ උපන්දිනය වෙනුවෙන්ම මගේ පොඩි අක්කා ලංකාවට ඇවිල්ලා ඉන්නවා. අක්කලා දෙන්නම විදෙස්ගතවෙලා ඉන්නෙ. ඉතින් මෙවර පොඩි අක්කා බබා එක්ක එංගලන්තයේ ඉඳලා ඇවිල්ලා ඉන්නවා. ඒක ඇත්තටම සතුටක්. මොක ද අවුරුදු දෙකකට පසුව තමයි උපන් දිනයක් වෙනුවෙන් අපි මේ විදියට එකතු වෙන්නෙ. ඉතින් මෙවර අපි සිතුල්පව්වෙ පිරිතක් කියන්න සුදානම් කළා හාමුදුරුවරු වඩම්මලා ඒ සර්ව රාත්‍රික පිරිතක්. විශේෂයෙන්ම ස්වභාව ධර්මය මූලික කරගෙන පිරිත් කියන්නෙ. මේ වසංගත තත්ත්වය රටෙන් තුරන් වෙන්න කියන ප්‍රාර්ථනාව එක්ක.

ජනවාරි 2 කියන්නෙ අවුරුද්දෙ මුලම නිසා ඒ දවස ඔබටත් විශේෂත්වයක් ඇති?
ඇත්තටම ඒ දේ සතුටට කාරණාවත්, ගොඩක් වෙලාවට ඒ කාල සීමාවල ගොඩක් දෙනෙක් ඉන්නෙ පාටිවලනෙ. උත්සව කාලේ දෙසැම්බර් 25 නත්තලෙන් පටන් ගත්තම ජනවාරි තුන, හතර වෙනකම් වගේ පාටිම තමයි. ඉතින් මගේ උපන් දිනයට කට්ටිය ආවාම කාලා බීලා විනෝදවෙලා ඉද්දී ගෙවල්වලට යන්න කැමැති නැහැ.

නමුත් අලුත් අවුරුද්ද මුල නිසා හැමෝම වැඩවලට යන්නත් ඕනෑනෙ. නිවාඩු දාන්නත් බැහැ. ඒ ප්‍රශ්නෙ මගෙ යාළුවන්ට තදින්ම බලපාන දෙයක්. ඒ වගේම තවත් තියෙන ප්‍රශ්නයක් තමයි සුභ පැතුම් එකතු වීම සම්බන්ධයෙන් ගත්තම නත්තලට, දෙසැම්බර් 25 සුභ පැතුම් එකතුවෙනවනෙ. එතැනින් පස්සෙ අලුත් අවුරුද්දට ජනවාරි පළවැනි දා සුභ පතනවා.

ඒ දවසට අති විශාල සුභ පැතුම් සංඛ්‍යාවක් එකතුවෙද්දී ජනවාරි දෙක මගේ උපන් දිනය. ඉතින් මේ සුභ පැතුම් දවස් දෙක තුනේම එකතුවෙද්දී ඒවාට ප්‍රතිචාර දක්වන්න මාසයක් විතර යනවා.

අවුරුද්දෙන් අවුරුද්ද සුභ පැතුම් වැඩිවෙනවා මිසක් අඩුවක් වෙන්නෙ නැහැ. මාසයක් ගියත් මම අනිවාර්යෙන්ම ඒවාට ප්‍රතිචාර දක්වනවා. ඒ දේ මම කරන්නෙ හරිම සතුටින්.

ඒ විදියට සුභ පැතුම් විශාල සංඛ්‍යාවක් එකතුවීම ගැන මොක ද හිතෙන්නෙ ?
ඒක ඇත්තටම ලොකු සතුටක්. ලොකු ආශීර්වාදයක්. කිසිම වෙලාවක ඒ සුභ පැතුම් ආදරය කරදරයක් කියලා හිතෙන්නෙ නැහැ. විශේෂයෙන් කියන්න ඕනෑ මමත් FB හරහා කාගේ හෝ කෙනෙක්ගේ උපන් දිනයක් දැක්කොත් අනිවාර්යයෙන්ම ඒ කෙනාට සුභපැතුමක් එකතු කරනවා. ජීවිතේට කතා බහ නොකළත් නොදැකපු කෙනෙක් වුණත් මම සුභ පැතුමක් දානවා. ඒ දේ හරි ආසාවෙන් මම කරන්නෙ. මොකද උපන් දිනය කියන්නෙ කාටත් විශේෂ දවසක්නෙ. ඉතින් මම ඒ දේ අවංකවම කරනවා. ඉතින් ඒ දවසට මට ආදරය කරන මගේ නෑදෑ හිත මිතුරන්ගෙන් වගේම ආදරණීය ගෝලබාලයෝ, රසිකයෝ හැමදෙනාගෙන්ම සුබ පැතුම් ලැබෙනවා. ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් කෙටි පණිවිඩ වගේම සාමජ ජාලා වෙබ් අඩවි ඔස්සේත් ඒ ආදරය ආශීර්වාදය ලැබෙනවා. ඇත්තටම ඒ සතුට වචනවලින් කියන්න නම් බැහැ. ඒ තරම් සතුටුයි.

සුරාජ් මාපා කියන්නෙ සප්‍රයිස් කරන්න ගොඩක් දක්ෂ කෙනෙක් කියලා අපිට ආරංචියි. එහෙම සප්‍රයිස් කරන සුරාජ්ට ලැබුණ සප්‍රයිස් ගැනත් කියමු?
ඇත්තටම මම මගේ ළඟම යාළු හිත මිත්‍රාදීන්ව මට පුළුවන් විදියට සප්‍රයිස් කරනවා.

විශේෂයෙන්ම ගිය අවුරුද්දෙ මාව සප්‍රයිස් කළා මගේ බාප්පාගේ පුතා.. ඔහු ඉන්නේ කුරුණෑගල. ඉතින් ඒ සප්‍රයිස් එක හොඳට සැලසුම් කරලා තිබුණා.

මමත් ඇත්තටම සප්‍රයිස් වුණා. ඊට පෙර අවුරුද්දුවලත් සප්‍රයිස් කිරීම් සිදුවෙලා තියෙනවා. එක් වරක් මගේ පොඩි අක්කා මම වෙනුවෙන් ලොකු සප්‍රයිස් එකක් කරලා තිබුණා. මෙවරත් අක්කා මොනවා හරි දෙයක් කරනවා කියනදේ මම දන්නවා. නමුත් මම ඒවා හොයන්න යන්නෙ නැහැ. මොකද මම කැමති නැහැ ඒ ගැන දැනගන්න. දැනගන්න ලැබුණත් නොදැනුනා වගේ ඉන්නවා.

මම ආසයි සප්‍රයිස් එක විඳින්න. මොකද කෙනෙක් සප්‍රයිස් එකක් දෙන්නෙ ගොඩක් මහන්සිවෙලානෙ. එතකොට ඒ දේ දැන ගත්තොත් ඒ කෙනාටත් ඒ සතුට නැතිවෙනවනේ.
ඒ නිසා සප්‍රයිස් එක දෙන කෙනාටත් එය ලබන කෙනාටත් සතුටක් වෙන විදියේ දෙයක් වුණොත් හොඳයි කියන තැන ඉන්නවා.

ධනු විජේරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43
Video thumbnail
ක්‍රිකට් නිසා කුපිත වුණ ප්‍රවීණ නළුවෙක් හොඳටම දෙසයි..අපිට ක්‍රිකට් කියන්නේ ආගමක්
00:58
Video thumbnail
ජනාධිපතිතුමාත් ගංගාරාමයට එයි
02:20
Video thumbnail
සිවිදෙනෙකු රෝහල් ගතකළ බදුල්ලේ මහ ගින්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා ගිහින්
01:29
Video thumbnail
නිදහස් දිනයේ උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35


?