AFC Banner
Empty Ad
Empty Ad

තරුණියගේ නිරුවත් දර්ශන සමාජගත කරන බවට තර්ජනය කර 17 තරුණයා මුදල් ඉල්ලලා

සමීප ඇසුරක් පැවැත් වූ 20 හැවිරිදි තරුණියගේ නිරුවත් වීඩියෝ දර්ශන සමාජගත කරන බවට තර්ජනය කර, අයිස් මත්ද්‍රව්‍ය පානය සඳහා කප්පම් ඉල්ලූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල පොලීසිය මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී අදාළ තරුණියගේ නිරුවත් වීඩියෝ දර්ශන ද එහි තිබී සොයාගැනීමට පොලිසිය හැකිව තිබෙනවා.

සැකකරු සහ තරුණිය සිය නිවෙස්වලට හොර රහසේ මෙලෙස සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අදාළ තරුණිය වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සිය නිරුවත් දර්ශන තරුණයා වෙත යවා ඇති අතර, එහිදී තරුණයා තරුණියට හොර රහසේ ඒවා සිය ජංගම දුරකථනයේ ගබඩා කරගෙන තිබෙනවා.

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා හුරු වූ අයෙක් වන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් නොමැති අවස්ථාවක දී තරුණිය අමතා තමන්ට අයිස් මත්ද්‍රව්‍ය හෝ මුදල් ගෙනවිත් දෙන ලෙස පවසා ඇති බව සඳහන්.

එලෙස මුදල් හෝ මත්ද්‍රව්‍ය ලබා නොදෙන්නේ නම් තමා සතුව ඇති ඇයගේ නිරුවත් දර්ශන සමාජගත කරන බවට පවසා තරුණියට තර්ජනය කර තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව තරුණිය සිය මවට පවසා ඇති අතර, අනතුරුව මේ සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය තරුණියට උපදෙස් ලබාදෙමින් පවසා ඇත්තේ, මුදල් ලබාදෙන බව පවසා ඔහුව කැඳවා ගන්නා ලෙසයි.

පොලිසිය උපදෙස් අනුව කටයුතු කළ තරුණිය දුරකථන ඇමතුමක් ලබා දී තරුණයාට පවසා ඇත්තේ මුදල් ලබාදීමට පැය දෙකක කාලයක් ලබා දෙන ලෙසයි.

එමෙන්ම මුදල් ලබා ගැනීම සඳහා පැමිණෙන්න ස්ථානයක් ද දන්වා සිටින ලෙසට ද තරුණයාට පවසා තිබෙනවා.

එහිදී තරුණයා තරුණියට පවසා ඇත්තේ හොන්නන්තර ප්‍රදේශයේ වෙළඳසැලක් අසලට මුදල් රැගෙන රාත්‍රී 7.30ට පැමිණෙන ලෙසයි.

හොන්නන්තර ප්‍රදේශයේ අදාළ වෙළඳසැලක අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් සැකකාර තරුණයා මුදල් රැගෙන යාමට පැමිණෙන අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
29
+1
3
+1
2
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
00:00
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54
Video thumbnail
අසේල සම්පත් දුම්මල වරම අතට ගනී - වඳුරු කුණුහරුප දැන් කියන්න හදන්න එපා
06:30
Video thumbnail
වසන්ත මුදලිගේ හදීසියේ උසාවි ගෙන්වයි - වසන්ත සියල්ල හෙළි කරයි
04:06
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් මාධ්‍යට - ගෝඨාභයගේ හිටපු ලේඛම් සියල්ල වමාරයි
12:56

?