තරුණයෙකුට පහර දී යතුරුපැදිය ගිනිතියයි

බේරුවල නල්ල හේන ප්‍රදේශයේ නිවසකට රුපියල් ලක්ෂ තුනහමාරක්පමණ වටිනා යතුරු පැදියකින් පැමිණි 28හැවිරිදි අවිවාහක අයෙකුට පහරදී එම යතුරු පැදියද ගිනි තබා විනාශ කිරීම සම්බන්ධ ප්‍රදේශයෙන් පළා ගොස් සිටින සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර බව කියයි .

මෙම තරුණයාට පහර දී 6 දින රාත්‍රියේ යතුරුපැදිය ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් බේරුවල නල්ල හේන පදේශයේ ධීවර වෘත්තියේ නියැලෙන්නන් වන අතර පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා බේරුවල රෝහලෙන් කළුතර නාගොඩ රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය කියයි.

තරුණයාට පහර දීමට හේතුව වී ඇත්තේ මේ වන විට ධීවර රැකියාවට මුහුදු ගොස්සිටින ධීවරයෙකුගේ භාර්යාවක් වන පහර දුන්පාර්ශවයේ අයවලුන්ගේ සොයුරියක්ද වන විවාහක දෙදරු මව පහර කෑමට ලක් වූ තරුණයා සමග සම්බන්ධතාවයක් පවත්වා යමින් එදින රාත්‍රියේ ද එම කාන්තාව එම තරුණයාව නිවසට ගෙන්වාගැනීම බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

මෙම තරුණයාට පහර දී ඇත්තේ මෙම කාන්තාවගේ සොයුරන් පිරිසක් වන අතර ඇයගේ සැමියා ධීවර රැකියාවට මුහුදු ගොස් සිටියදී එම තරුණයාව රාත්‍රියේ නිවසට ගෙන්වා සිටියදී ආරවුල ඇතිවී පහරදී ඔහු පැමිණි යතුරුපැදිය ටදගිනිතබා ඇතැයි පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.

මෙලෙස පහර කෑමට ලක් වූ තරුණයා බහු කාර්ය සහායක තනතුරේ සේවය කරන්නෙකු බවත් අවිවාහකයකු වන ඔහු දියලගොඩ ප්‍රදේශයේ අයෙකු බව පොලිසිය කියයි.

යතුරුපැදිය ගිනි තැබීමට සම්බන්ධ එම කාන්තාවගේ සොයුරන් වන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ .

බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා උප පොලිස් පරීක්ෂක ශාවින්ද යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය - දිලිත් සමඟ හදීසියේම හමුවක්..චානක, G.L. පීරිස් ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
02:20
Video thumbnail
රටේ ලග්නය බලපාන්නේ ජනාධිපති හරහා ජනතාවට..නැකැත් සීට්ටුව ලැබෙනකල් බලන් ඉන්න එපා
04:53
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38