තරුණයෙකුට දිවි අහිමි කළ මඳුරන්කුලියේ අනතුර (ඡායාරූප)

මඳුරන්කුලිය නගරය ආසන්නයේ දී යතුරුපැදියක අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් අයෙක් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම, ජයබිම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි සුරේන්ද්‍ර අනුරුද්ධික නැමති තරුණයෙක්.

ජීවිතක්ෂයට පත් තරුණයා තම මිතුරා සමඟ පුත්තලම දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී, පුත්තලම දෙස සිට අපරික්ෂාකාරී ලෙස ගමන් කරමින් තිබූ එළවලු ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණ ද ඒ වන විටත් අනුරුද්ධික මරණයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා මඳුරන්කුලිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
14
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?