තරුණයෙකුට දිවි අහිමි කළ මඳුරන්කුලියේ අනතුර (ඡායාරූප)

මඳුරන්කුලිය නගරය ආසන්නයේ දී යතුරුපැදියක අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් අයෙක් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම, ජයබිම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි සුරේන්ද්‍ර අනුරුද්ධික නැමති තරුණයෙක්.

ජීවිතක්ෂයට පත් තරුණයා තම මිතුරා සමඟ පුත්තලම දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී, පුත්තලම දෙස සිට අපරික්ෂාකාරී ලෙස ගමන් කරමින් තිබූ එළවලු ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණ ද ඒ වන විටත් අනුරුද්ධික මරණයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා මඳුරන්කුලිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26