තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ඇළකින් සොයාගෙන (ඡායාරූප)

කිලිනොච්චිය, කෝවින්දන් මංසන්ධිය අසල ඇළක තිබී මියගිය තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (14) උදෑසන සොයාගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් අනුව මෙම මළ සිරුරු සොයාගෙන ඇති අතර, මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 20ක සහ 18ක තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු බවයි වාර්තා වුණේ.

මොවුන් කිලිනොච්චිය, අලහපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

මෙම තරුණයින් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී එය පාලනය කරගැනීමට නොහැකිව ඇළට වැටී දියේ ගිලීමෙන් මිය යන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මේ අතර මළ සිරුරු හමුවූ ඇළේ තිබී යතුරුපැදියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කිලිනොච්චිය මහේස්‌ත්‍රාත් එම්.ජමිල් මහතා විසින් සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුරු කිලිනොච්චිය රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22