spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති තනතුරට හේෂා විතානගේ

තරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ තේරී පත්ව තිබෙනවා.

“තරුණයන් වෙනුවෙන් වන පාර්ලිමේන්තු සංසදයක්” නව වැනි පාර්ලිමේන්තුව සදහා ස්ථාපනය කිරීමට පැවති රැස්වීමේදී මන්ත්‍රීවරයා එම තනතුර සඳහා තේරී පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම තනතුර සඳහා හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් යෝජනා කළ අතර පාර්ලීමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සහ එස් .එම් මරික්කාර් විසින් ස්ථිර කරනු ලැබුවා.

සංසදයේ අභිනව සභාපති හේෂා විතානගේ මෙහිදී අදහස් දක්වමින් පවසා සිටි‍යේ තරුණයන්ගේ අපේක්ෂාවන් මෙන්ම ගැටලු සදහා ඉදිරියේදී සක්‍රීය ලෙස මැදිහත් වීමට මෙම සංසදය අපේක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?