Indian Premier League

තඹ කම්බි කිලෝ 6,100ක් හොර රහසේ රට පටවන්න ගිය ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

අබලි ද්‍රව්‍ය බව පවසමින් රුපියල් ලක්ෂ 15ට අධික වටිනාකමින් යුත් තඹ කම්බි කිලෝ 6,100ක් රේගුවට හොර රහසේ අපනයනය කිරීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මගහැර සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයෙකු මෙම 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (19)නියෝග කළා.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අන්වර් මොහොමඩ් ඉස්පාස් නැමැති සැකකාර ව්‍යාපාරිකයෙකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු මෙම 22 ,27,28, යන තෙදින තුළදී සැකකාර පුද්ගලයාව රේගු දෙපාර්තමේන්තුව වෙතට යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් නියම වුණා.

අදාළ භාණ්ඩ අපනයනය කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ දී එය රේගු භාරයට ගැනීමෙන් අනතුරුව සැකකාර ව්‍යාපාරිකයා වසරකට අධික කාලයක් අධිකරණය මගහැර සිට ඇති බවත්; පසුව අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ද සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?