තඹ කම්බි කිලෝ 6,100ක් හොර රහසේ රට පටවන්න ගිය ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

අබලි ද්‍රව්‍ය බව පවසමින් රුපියල් ලක්ෂ 15ට අධික වටිනාකමින් යුත් තඹ කම්බි කිලෝ 6,100ක් රේගුවට හොර රහසේ අපනයනය කිරීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මගහැර සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයෙකු මෙම 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (19)නියෝග කළා.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අන්වර් මොහොමඩ් ඉස්පාස් නැමැති සැකකාර ව්‍යාපාරිකයෙකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු මෙම 22 ,27,28, යන තෙදින තුළදී සැකකාර පුද්ගලයාව රේගු දෙපාර්තමේන්තුව වෙතට යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් නියම වුණා.

අදාළ භාණ්ඩ අපනයනය කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ දී එය රේගු භාරයට ගැනීමෙන් අනතුරුව සැකකාර ව්‍යාපාරිකයා වසරකට අධික කාලයක් අධිකරණය මගහැර සිට ඇති බවත්; පසුව අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ද සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16