තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජනපති අනුර අතින් අද ජනතා අයිතියට

තඹුත්තේගම ප්‍රදේශයේ ජනතාවට සුරක්ෂිත සහ පිරිසිදු පානීය ජලය ලබාදීම අරමුණු කරගත් තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

අංගමුව ජලාශය ජල මූලාශ්‍රය ලෙස භාවිත කරමින් ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතිය මඟින් තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල පවුල් රැසකට පානීය ජල පහසුකම් සැපයෙන අතර ග්‍රාම නිලධාරී වසම් 42ක් ආවරණය වන මෙම ව්‍යාපෘතියෙන් පුද්ගලයින් 91,000කට අධික සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබන අතර, නව ජල සම්බන්ධතා 25,000ක් ද ලබාදී තිබෙනවා.

මේ අතර, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීම ද අද (10) සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය සහ කැබිතිගොල්ලෑව ප්‍රදේශ ආවරණය වන මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාම නිලධාරී වසම් 119ක් වෙත ආරක්ෂිත පානීය ජලය සැපයීම අපේක්ෂා කරනවා.

2034 වසර වන විට පුද්ගලයින් 170,000කට වැඩි පිරිසකට ජල පහසුකම් ලබාදීම සහ නිවාස 50,000කට නව ජල සම්බන්ධතා ලබාදීම මෙහි ප්‍රධාන ඉලක්කයන් අතර වනවා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ උතුරු මැද පළාතේ ජනතාව මුහුණ දෙන පානීය ජල ගැටලු අවම වීමට මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව ඉහළ නැංවීමට ද වැදගත් දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48