AFC Banner
Empty Ad
Empty Ad

තඹාල ගව පට්ටි හිමියෝ මහපාරේ ගවයන් සමග

ගවගාල් අහිමිවීම නිසා එම ගව පට්ටි පවත්වා ගෙන යාම අසීරු තත්වයකට පත්ව ඇති බව කිරි ගොවින් සඳහන් කරනවා .මෙයට හේතුව ලෙස පැවසෙන්නේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වෙහෙරගොඩයාය ප්‍රදේශයේ ඔවුන්ගේ ගව ගාල් අහිමි වීම බව පැවසෙනවා.

කිරි දෙනුන් ඇති කිරීම සඳහා සුදුසු තණ බිම් හෝ වෙනත් ස්ථාන ලබා දෙන ලෙස රජයේ වගකිවයුතු අංශ වෙත බලකර පොලොන්නරුව තඹාල ප්‍රදේශයේ වෙසෙන කිරි ගොවීහු පිරිසක් මෙලෙස අද (07) උද්ඝෝෂණයේ නිරත වනවා.

පොලොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගය අසලට තම කිරි දෙනුන් සහිත ගව පට්ටිද දක්කාගෙන රැගෙන එම පිරිස උද්ඝෝෂණයේ නිරතව ඇති අතර මේ සඳහා කිරි නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන 28දෙනෙකු සහභාගී වී තිබෙනවා.

එසේම එම ගොවි සමිතියට අයත් කිරි දෙනුන් 1250ක් පමණ සිටින බවත් සතුන් ඇතිකිරීම සඳහා සුදුසු තණබිම් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලනවා.

එසේම කරනු ලැබූ විරෝධතාව හේතුවෙන් පොලොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගය පැය කිහිපයකට අවහිර වී තිබුන බවද වාර්තා වනවා. මේ නිසා රථවාහන ගමනා ගමනයට බාධා සිදුවූ බව පුලස්තිපුර පොලීසිය සඳහන් කර තිබෙන බව පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?