තඹාල ගව පට්ටි හිමියෝ මහපාරේ ගවයන් සමග

ගවගාල් අහිමිවීම නිසා එම ගව පට්ටි පවත්වා ගෙන යාම අසීරු තත්වයකට පත්ව ඇති බව කිරි ගොවින් සඳහන් කරනවා .මෙයට හේතුව ලෙස පැවසෙන්නේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වෙහෙරගොඩයාය ප්‍රදේශයේ ඔවුන්ගේ ගව ගාල් අහිමි වීම බව පැවසෙනවා.

කිරි දෙනුන් ඇති කිරීම සඳහා සුදුසු තණ බිම් හෝ වෙනත් ස්ථාන ලබා දෙන ලෙස රජයේ වගකිවයුතු අංශ වෙත බලකර පොලොන්නරුව තඹාල ප්‍රදේශයේ වෙසෙන කිරි ගොවීහු පිරිසක් මෙලෙස අද (07) උද්ඝෝෂණයේ නිරත වනවා.

පොලොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගය අසලට තම කිරි දෙනුන් සහිත ගව පට්ටිද දක්කාගෙන රැගෙන එම පිරිස උද්ඝෝෂණයේ නිරතව ඇති අතර මේ සඳහා කිරි නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන 28දෙනෙකු සහභාගී වී තිබෙනවා.

එසේම එම ගොවි සමිතියට අයත් කිරි දෙනුන් 1250ක් පමණ සිටින බවත් සතුන් ඇතිකිරීම සඳහා සුදුසු තණබිම් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලනවා.

එසේම කරනු ලැබූ විරෝධතාව හේතුවෙන් පොලොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගය පැය කිහිපයකට අවහිර වී තිබුන බවද වාර්තා වනවා. මේ නිසා රථවාහන ගමනා ගමනයට බාධා සිදුවූ බව පුලස්තිපුර පොලීසිය සඳහන් කර තිබෙන බව පැවසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33