තම දරුවා මියගියේ දුර්වල වූ වතු පාලනාධිකාරිය නිසා – ෂැනන් වතුයායේ කම්කරුවන් විරෝධතාවක්

වතු පාලනාධිකාරියේ අවිධිමත් පාලනය හේතුවෙන් සිය දරුවා මියගිය බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් වතු පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක් පැවැත්වුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ,මාස 14ක් වයසැති සිඟිත්තෙකු මියගිය බවට චෝදනා කරමින් සිඟිත්තාගේ මෘතශරීරය ෂැනන් වතුයායේ පිවිසෙන මාර්ගයේ තබා අද (16) දහවල් විරෝධතාවක් පැවැත්වූ බවයි.

මෙසේ මියගොස් ඇත්තේ හැටන් ෂැනන් වතුයායේ පදිංචි ලිවස්කර් ඩික්ශන් නමැති මාස 14ක් වයසැති සිඟිත්තෙක්.

ඊයේ (15) රාත්‍රී 09ට පමණ සිඟිත්තා හදිසියේ රෝගාතුර වී ඇති අතර පසුව සිඟිත්තාව වතු රෝහලට ගෙන ගිය විට වෛද්‍යවරයා එහි නොසි නිසා දරුවාව දික් ඔය මූලික රෝහලට රැගෙන යාමට වතු යායේ ම ලොරි රථය රැගෙන යාමට උත්සහා කළ බවයි.

නමුත් එය අසාර්ථක වී ඇත්තේ ලොරි රථයේ රියදුරු එම අවස්ථාවේ දී නොසිටීම බවත් විරෝධතාකරුවන් පවසනවා.

පසුව පෞද්ගලික වාහනයකින් දරුවා ව දික් ඔය මූලික රෝහලට රැගෙන යන අතරතුර හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුට දරුවා ව ප්‍රතිකාර සඳහා යොමු කළ ද, එම වෛද්‍යවරයා දරුවාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් දික් ඔය රෝහලට ගෙන ගිය විට වෛද්‍යවරු දරුවා පරීක්ෂා කළ බව එම දරුවා මියගොස් ඇති බවටත් සඳහන් කර තිබෙනවා.

තම වතුයායේ සේවය කරන වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීමට පාලන අධිකාරිය ක්‍රියා නොකරන බව ද
විරෝධතාකරුවන් චෝදනා කළා.

කෙසේවෙතත් මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කර ඇති අතර, එහිදී දරුවාට කිරි උගුරේ සිර වීමෙන් හුස්ම ගැනීමට නොහැකිව මිය ගොස් ඇති බවටයි තහවුරු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?