තම දරුවා මියගියේ දුර්වල වූ වතු පාලනාධිකාරිය නිසා – ෂැනන් වතුයායේ කම්කරුවන් විරෝධතාවක්

වතු පාලනාධිකාරියේ අවිධිමත් පාලනය හේතුවෙන් සිය දරුවා මියගිය බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් වතු පාලනාධිකාරියට එරෙහිව විරෝධතාවක් පැවැත්වුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ,මාස 14ක් වයසැති සිඟිත්තෙකු මියගිය බවට චෝදනා කරමින් සිඟිත්තාගේ මෘතශරීරය ෂැනන් වතුයායේ පිවිසෙන මාර්ගයේ තබා අද (16) දහවල් විරෝධතාවක් පැවැත්වූ බවයි.

මෙසේ මියගොස් ඇත්තේ හැටන් ෂැනන් වතුයායේ පදිංචි ලිවස්කර් ඩික්ශන් නමැති මාස 14ක් වයසැති සිඟිත්තෙක්.

ඊයේ (15) රාත්‍රී 09ට පමණ සිඟිත්තා හදිසියේ රෝගාතුර වී ඇති අතර පසුව සිඟිත්තාව වතු රෝහලට ගෙන ගිය විට වෛද්‍යවරයා එහි නොසි නිසා දරුවාව දික් ඔය මූලික රෝහලට රැගෙන යාමට වතු යායේ ම ලොරි රථය රැගෙන යාමට උත්සහා කළ බවයි.

නමුත් එය අසාර්ථක වී ඇත්තේ ලොරි රථයේ රියදුරු එම අවස්ථාවේ දී නොසිටීම බවත් විරෝධතාකරුවන් පවසනවා.

පසුව පෞද්ගලික වාහනයකින් දරුවා ව දික් ඔය මූලික රෝහලට රැගෙන යන අතරතුර හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුට දරුවා ව ප්‍රතිකාර සඳහා යොමු කළ ද, එම වෛද්‍යවරයා දරුවාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් දික් ඔය රෝහලට ගෙන ගිය විට වෛද්‍යවරු දරුවා පරීක්ෂා කළ බව එම දරුවා මියගොස් ඇති බවටත් සඳහන් කර තිබෙනවා.

තම වතුයායේ සේවය කරන වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීමට පාලන අධිකාරිය ක්‍රියා නොකරන බව ද
විරෝධතාකරුවන් චෝදනා කළා.

කෙසේවෙතත් මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කර ඇති අතර, එහිදී දරුවාට කිරි උගුරේ සිර වීමෙන් හුස්ම ගැනීමට නොහැකිව මිය ගොස් ඇති බවටයි තහවුරු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18