තම ජංගම දුරකථනය සොයා ගැනීමට ජලය අපතේ යැවූ ඉන්දිය ජාතිකයාට ලැබුණු දඩුවම

පසුගිය සතියේ සෙල්ෆි චායාරුපයක් ලබා ගැනීමට යාමේදී තම අතින් ගිලිහී ගොස් වේල්ලකට වැටුණු ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා වේල්ලේ තිබු ජලය පොම්පකර අපතේ යැවූ ඉන්දීය ආහාර පරීක්ෂක රාජේශ් විස්වාස් හට ඉන්දීය රජය මගින් ඩොලර් 642 ක හෙවත් ඉන්දීය රුපියල් 53,092ක දඩයක් නියම කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ජලයේ අතුරුදන්වූ තම ජංගම දුරකථනයේ අතිශයින් වැදගත් දත්ත තිබෙන බවත් වේල්ලේ ජලය ඉවත් කිරීම සඳහා තමන් හට වේල්ල බාර වාරිමාර්ග නිලධාරියෙකුගෙන් වාචික අවසරයක් ලැබී තිබුණු බවටත් පවසමින් ඔහු ජලය ඉසින මෝටරයක් කුලියට ලබාගෙන තිබුණා.

කෙසේ වෙතත් එය මුළුමනින්ම අසත්‍යක් බවත් කිසිදු නිලධාරියෙකු ඔහුට මේ සඳහා අවසර ලබා දී නොතිබුණු බවත් පසුව වාර්තා වී තිබුණා.
විස්වාස් මෙසේ අපතේ හැර ඇති මුළු ජල ප්‍රමාණය ලීටර් මිලියන 4.1 ක් හෙවත් ගැලූන් 880,000 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
8
+1
5
+1
5
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?