AFC Banner
AFC Banner
Empty Ad

තමීම් බංග්ලාදේශ එක්දින නායකත්වයෙන් ඉවතට – ආසියානු කුසලාන‍යත් අහිමිව යයි

බංග්ලාදේශයේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු තමීම් ඉක්බාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම තමීම් එළෙඹෙන ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්ව ඇති බව ද වාර්තා වනවා.

පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් 34 හැවිරිදි තමීම් මෙලෙස තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙසේ වෙතත් සැප්තැම්බර් 21 වනදා ආරම්භ වන නවසීලන්තයට එරෙහි එක්දින තරඟාවලිය සඳහා ඔහු සුව වනු ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

තමීම් පසුගිය ජුලි 06 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බවට නිවේදනය කළ නමුත්, පසුදින පස්වරුවේ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා හමුවූ අවස්ථාවේ දී ඔහුගේ තීරණය ආපසු වෙනස්කර ගන්නා ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අනුවයි තමීම් ඉක්බාල් සිය විශ්‍රාම ගැනීමේ තීරණය ආපසු හරවා ගත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?