තමාව පැහැරගත් බව පැවසූ පුද්ගලයාට වැඩ වරදියි

කිසියම් පිරිසක් තමා පැහැරගෙන ගොස් අඩත්තේට්ටම් සිදුකළ බව සඳහන් කරමින් මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටි සුජීව ගමගේ නම් 62 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 10 වනදා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව රෝහල් පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාශය අනාවරණ කරගෙන ඇත්තේ මෙම පැහැර ගැනීමේ සිදුවීම ව්‍යාජව නිර්මාණය කරන ලද්දක් බවටයි.ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජනතාව අතර විසංවාදයක් ඇතිවීම හේතුවෙන් දණ්ඩ නිති සංග්‍රහයේ 120 වගන්තිය අනුව ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමේ චෝදනාවට අදාළව සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වුණා.

මාර්තු 10 වනදා සුපුරුදු ලෙස රැකියාව සඳහා කොළඹ බලා යාමට මිරිගම දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේ පුද්ගලයින් සිව්දෙනෙකු එක්ව තමා පැහැර ගත් බවට සුජිව ගමගේ ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් බවයි පොලීසිය පැවසුවේ. මෙහිදී තමාගෙන් මෙමරි කාඩ්පතක් ඉල්ලා සිට පසුව කිසියම් උපකරණයකින් තමාට පිලිස්සුම් තුවාල සිදුකර මුදා හැර ඇති බවට පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?