තමන් ඝාතනය කිරීමට තිදෙනෙක් කුමන්ත්‍රණය කරනවා – වෙඩි කාපු ඉම්රාන්ගෙන් චෝදනාවක්

තමා ඝාතනය කිරීමට ප්‍රධාන වශයෙන් පුද්ගලයින් තිදෙනෙක් උත්සහ කරන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා කරනවා.

මෙලෙස තමන්ගේ ජීවිතය අවසන් කිරීමට කුමන්ත්‍රණය කරන ප්‍රධාන පුද්ගලයා එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් බවයි ඉම්රාන් ප්‍රකාශ කර සිටියේ.

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රානා සානුල්ලා සහ එරට අයි.එස්. බුද්ධි අංශ අධ්‍යක්ෂ ජනරාල් ෆයිසාල් නසාල් අනෙක් පුද්ගලයින් දෙදෙනා බවයි ඉම්රාන් ඛාන් සඳහන් කරන්නේ.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ ජන රැලියකට සහභාගී වී සිටිද්දී වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබුවා.

මෙහිදී පාදයට වෙඩි වැදුණු හිටපු අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර, ඔහුට සැත්කමක් සිදුකිරීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය අද කරුණු වාර්තා කර තිබුණේ.

ඉම්රාන් ඉලක්ක කර සිදුකළ මෙම වෙඩි ප්‍රහාරටෙන් එක් අයෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලැබුවා.
වෙඩි තැබීමට පුද්ගලයන් දෙදෙනකු පැමිණ සිටි ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකු අල්ලා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

මේ අතර, හිටපු අග්‍රාමාත්‍යවරයාට එල්ල වුණු වෙඩි ප්‍රහාරය හෙළා දකිමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සිය කණගාටුව පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24