තමන් ඝාතනය කිරීමට තිදෙනෙක් කුමන්ත්‍රණය කරනවා – වෙඩි කාපු ඉම්රාන්ගෙන් චෝදනාවක්

තමා ඝාතනය කිරීමට ප්‍රධාන වශයෙන් පුද්ගලයින් තිදෙනෙක් උත්සහ කරන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා කරනවා.

මෙලෙස තමන්ගේ ජීවිතය අවසන් කිරීමට කුමන්ත්‍රණය කරන ප්‍රධාන පුද්ගලයා එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් බවයි ඉම්රාන් ප්‍රකාශ කර සිටියේ.

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රානා සානුල්ලා සහ එරට අයි.එස්. බුද්ධි අංශ අධ්‍යක්ෂ ජනරාල් ෆයිසාල් නසාල් අනෙක් පුද්ගලයින් දෙදෙනා බවයි ඉම්රාන් ඛාන් සඳහන් කරන්නේ.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ ජන රැලියකට සහභාගී වී සිටිද්දී වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබුවා.

මෙහිදී පාදයට වෙඩි වැදුණු හිටපු අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර, ඔහුට සැත්කමක් සිදුකිරීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය අද කරුණු වාර්තා කර තිබුණේ.

ඉම්රාන් ඉලක්ක කර සිදුකළ මෙම වෙඩි ප්‍රහාරටෙන් එක් අයෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලැබුවා.
වෙඩි තැබීමට පුද්ගලයන් දෙදෙනකු පැමිණ සිටි ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකු අල්ලා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

මේ අතර, හිටපු අග්‍රාමාත්‍යවරයාට එල්ල වුණු වෙඩි ප්‍රහාරය හෙළා දකිමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සිය කණගාටුව පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34