තමන්ට එල්ල වන මඩ ප්‍රහාර ගැන බස්නාහිර ආණ්ඩුකාරවරයා CID වෙත යයි

අසත්‍ය චෝදනා සම්බන්ධව වහාම විමර්ශනයක් ඉල්ලා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා.

මෙම පැමිණිල්ල අද (30) දිනයේ දී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක් සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් ඍජුව සහ වක්‍රව එල්ල කොට ඇති චෝදනා පිළිබඳ ව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල සිදු කර තිබෙනවා.

ඉකුත් දින කිහිපය තුළ එලෙස පදනම් විරහිතව සහ සිය කීර්තිනාමයට කැළලක් ඇති වන ලෙස ඇතැම් දේශපාලඥයින් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවලදීත්, ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍යය තුළ ද සමාජගත කොට තිබූ තොරතුර ද ආණ්ඩුකාරවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ ඒ මහතා, මේ එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, අදාළ චෝදනා පිළිබඳ ව විමර්ශනයක් සිදුකොට තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

තමන්ට අවශ්‍ය වන්නේ වැඩක් කිරීමට බව පැවසූ ආණ්ඩුකාරවරයා ,පරාජිත කණ්ඩායම් විසින් කරනු ලබන චෝදනා හෙළා දකින බව ද වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?