තමන්ට එල්ල වන මඩ ප්‍රහාර ගැන බස්නාහිර ආණ්ඩුකාරවරයා CID වෙත යයි

අසත්‍ය චෝදනා සම්බන්ධව වහාම විමර්ශනයක් ඉල්ලා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා.

මෙම පැමිණිල්ල අද (30) දිනයේ දී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක් සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් ඍජුව සහ වක්‍රව එල්ල කොට ඇති චෝදනා පිළිබඳ ව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල සිදු කර තිබෙනවා.

ඉකුත් දින කිහිපය තුළ එලෙස පදනම් විරහිතව සහ සිය කීර්තිනාමයට කැළලක් ඇති වන ලෙස ඇතැම් දේශපාලඥයින් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවලදීත්, ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍යය තුළ ද සමාජගත කොට තිබූ තොරතුර ද ආණ්ඩුකාරවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ ඒ මහතා, මේ එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, අදාළ චෝදනා පිළිබඳ ව විමර්ශනයක් සිදුකොට තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

තමන්ට අවශ්‍ය වන්නේ වැඩක් කිරීමට බව පැවසූ ආණ්ඩුකාරවරයා ,පරාජිත කණ්ඩායම් විසින් කරනු ලබන චෝදනා හෙළා දකින බව ද වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00