Empty Ad
AFC Banner
Empty Ad

තනිකඩයන්ට රැකියාවේ දොරටු වසන චීන සමාගම්

සැප්තැම්බර් මාසය අවසන් වන විට අවිවාහකව සිටියහොත් තනිකඩ සහ දික්කසාද වූ සේවකයින් සේවයෙන් පහ කරන බවට තර්ජනය කරමින් චීනයේ ෂැන්ඩොං ප්‍රාන්තයේ සමාගමක් විසින් මතභේදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ෂැන්ඩොං ෂුන්ටියන් කෙමිකල් ගෲප් සමාගම (Shandong Shuntian Chemical Group Co. Ltd) නම් වූ මෙම සමාගමෙහි සේවය කරන සේවකයින් 1,200 දෙනෙකුට මෙම නියෝගය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම නිවේදනයට අනුව වයස අවුරුදු 28 ත් 58 ත් අතර දික්කසාද වූවන් ද ඇතුළු තනිකඩ සේවකයින් මේ සඳහා අයත් වනවා.

කෙසේ වෙතත්, සවුත් චයිනා මෝනිං පෝස්ට් විසින් මෙය වාර්තා කිරීමත් සමග චීනයේ සමාජ මාධ්‍ය පරිශීලකයින් සමාගමේ තීරණය හෙළා දැක තිබුණෙ, එය සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?