කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-65 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව අද (29) පස්වරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
හෙට (30) පස්වරු 4.30 දක්වා වලංගු වන පරිදි එම නිවේදනය නිකුත් කර තිබෙනවා.
එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.













