තද වැසි පිළිබදව අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබදව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ, අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව දැනුම් දෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) පස්වරු 2.00ට නිකුත් කළ නිවේදනය හෙට (25) පස්වරු 2.00 දක්වා වලංගු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?