AFC Banner
Empty Ad
Empty Ad

තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් අද පස්වරු 1ට මෙම නිවේදනය නිකුත් කළේ හෙට (04) පෙරවරු 8.30 තෙක් වලංගු වන ආකාරයෙන්.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත් මෙන්ම ගාල්ල මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්වල තද වැසි ඇතිවිය හැකි බවයි.

නිරිදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා.

බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?