තද වැසිවල තරමක අඩුවීමක් හෙට සිට – අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණයක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට (06) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 45-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි.

මේ අතර මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාවත් සමඟ නුවරඑළිය දිස්ත්‍රිකයේ නුවරඑළිය සහ අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව එම ප්‍රදේශවල වෙසෙන ජනතාවට සැළකිලිමත්ව පසුවන ලෙසට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කාන්තාවක් මියගොස් පවුල් 21ක් අවතැන්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පැවති අධික සුළං හේතුවෙන් පන්විල, නෙල්ලිමලේ වත්තේ තේ දළු නෙළමින් සිටි කාන්තාවක් මතට ගසක් කඩා වැටීමෙන් ඊයේ (04) පස්වරුවේ ඇය මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී තවත් කාන්තාවක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටියා.

මේ අතර නුවරඑළිය නගර මධ්‍යයේ ප්‍රධාන වීදියේ පිහිටි විශාල ගස් හා විදුලි රැහැන් කඩාවැටීමෙන් ගමනාගමන කටයුතුවලට අද (05) පෙරවරුවේ බාධා එල්ල වී තිබුණා.

මෙහිදී ධාවනය වෙමින් තිබු රථ වාහන කිහිපයකට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ගාල්ල ප්‍රදේශයට බලපෑ තද සුළං තත්ත්වයත් සමඟ ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට වෙළඳසැල් කිහිපයකට අලාභහානි සිදුව තිබෙනවා.

මේ අතර වැස්සත් සමඟ හමා ගිය තද සුළගින් ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ තුන් මහල් ගොඩනැගිල්ලකට සහ තනි මහල් ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බවට වාර්තා වුණා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටම අද (05) උදෑසන වන විට පිටාර මට්ටමට අඩි 28ක් පහළින් ජලය පිරී පැවතියා.

එමෙන්ම විමලසුරේන්ද්‍ර ජලාශය තව දුරටත් පිටාර මට්ටමට පැමිණ ඇති අතර, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 06 බැඟින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20


?