AFC Banner
AFC Banner
Empty Ad

තත්පර 25න් ප්‍රතිඵල දෙන කොවිඩ් පරීක්ෂණයක් බ්‍රිතාන්‍යයෙන්

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් යොදාගෙන සිදු කළ ක්ෂණික කොවිඩ් පරීක්ෂණ වැඩපිළිවෙලක සාර්ථක ප්‍රතිඵල අත්විඳින්නට ඔවුන් සමත්වී තිබෙනවා.

අල්ට්‍රා රැපිඩ් කොවිඩ් පරීක්ෂණය ලෙසින් නම්කර ඇති මේ හරහා තත්පර 25ක් ඇතුලත කොවිඩ් ආසාදනය වී ඇත් ද සහ ආසාදනය වී ඇති කොවිඩ් ප්‍රභේදය කුමක් ද යන්න සොයාගත හැකි වනවා.

බ්‍රිතාන්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන කැනරි ග්ලොබල් සමාගම විසින් මෙම පරීක්ෂණ කට්ටලය නිෂ්පාදනය කර ඇති අතර ඒ හරහා ලබාගත් දත්ත සහ දැනට භාවිත කෙරෙන කොවිඩ් පරීක්ෂණ දත්ත සංසන්දනය කිරීමේදී මෙම කෙටි කාලීන පරීක්ෂණයේ ප්‍රතිඵල සියයට 100ක් සාර්ථක බව හෙළිවී තිබෙනවා.

මෙම පරීක්ෂණ ක්‍රියාවලියට එක්වූ බ්‍රිතාන්‍ය ගුවන් සමාගම පවසන්නේ මෙම නව අත්හදා බැලීම කොවිඩ් පරීක්ෂණ ක්‍රමවේදයේ නව පිටුවක් පෙරළන බවයි.

මෙය විශේෂයෙන්ම සංචාරකයින් සඳහා භාවිත කළ හැකි ඉතා පහසු පරීක්ෂණ ක්‍රමවේදයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ලොව පුරා දැඩි ලෙස ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බ්‍රිතාන්‍ය එරට වැසියන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයන් 12ක් සඳහා වාරණ පැනවූවා.යුරෝපීය, දකුණු ඇමරිකානු සංචාරක ගමනාන්තයන් ද මෙයට අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?