තත්පර 25න් ප්‍රතිඵල දෙන කොවිඩ් පරීක්ෂණයක් බ්‍රිතාන්‍යයෙන්

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් යොදාගෙන සිදු කළ ක්ෂණික කොවිඩ් පරීක්ෂණ වැඩපිළිවෙලක සාර්ථක ප්‍රතිඵල අත්විඳින්නට ඔවුන් සමත්වී තිබෙනවා.

අල්ට්‍රා රැපිඩ් කොවිඩ් පරීක්ෂණය ලෙසින් නම්කර ඇති මේ හරහා තත්පර 25ක් ඇතුලත කොවිඩ් ආසාදනය වී ඇත් ද සහ ආසාදනය වී ඇති කොවිඩ් ප්‍රභේදය කුමක් ද යන්න සොයාගත හැකි වනවා.

බ්‍රිතාන්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන කැනරි ග්ලොබල් සමාගම විසින් මෙම පරීක්ෂණ කට්ටලය නිෂ්පාදනය කර ඇති අතර ඒ හරහා ලබාගත් දත්ත සහ දැනට භාවිත කෙරෙන කොවිඩ් පරීක්ෂණ දත්ත සංසන්දනය කිරීමේදී මෙම කෙටි කාලීන පරීක්ෂණයේ ප්‍රතිඵල සියයට 100ක් සාර්ථක බව හෙළිවී තිබෙනවා.

මෙම පරීක්ෂණ ක්‍රියාවලියට එක්වූ බ්‍රිතාන්‍ය ගුවන් සමාගම පවසන්නේ මෙම නව අත්හදා බැලීම කොවිඩ් පරීක්ෂණ ක්‍රමවේදයේ නව පිටුවක් පෙරළන බවයි.

මෙය විශේෂයෙන්ම සංචාරකයින් සඳහා භාවිත කළ හැකි ඉතා පහසු පරීක්ෂණ ක්‍රමවේදයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ලොව පුරා දැඩි ලෙස ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බ්‍රිතාන්‍ය එරට වැසියන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයන් 12ක් සඳහා වාරණ පැනවූවා.යුරෝපීය, දකුණු ඇමරිකානු සංචාරක ගමනාන්තයන් ද මෙයට අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15