තණමල්විල – වැල්ලවාය පාරේ දරුණු අනතුරක් (වීඩියෝ)

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 288 කණුව ආසන්නයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් හයදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

අද (03) අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 56 ක් වූ දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

තුවාල ලැබුවන් හම්බන්තොට සහ තණමල්විල රෝහල වෙත අතුළත් කර තිබෙනවා.

තණමල්විල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?