තණමල්විල – වැල්ලවාය පාරේ දරුණු අනතුරක් (වීඩියෝ)

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 288 කණුව ආසන්නයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් හයදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

අද (03) අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 56 ක් වූ දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

තුවාල ලැබුවන් හම්බන්තොට සහ තණමල්විල රෝහල වෙත අතුළත් කර තිබෙනවා.

තණමල්විල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14