තණමල්විල ජාතික පාසලේ තවත් සිසුවියක් අපයෝජනය කරයි

සිසුන් විසි දෙකක් එක්ව තණමල්විල ජාතික පාසලේ සිසුවියක සමූහ දූෂණයට ලක්කර මසක් යන්නත් පෙරින් එම පාසලෙන්ම තවත් එවැනිම අවාසනාවන්ත පුවතක් අද (07) වාර්තා වුණා.

තණමල්විල ජාතික පාසලේ ඉගෙනුම ලබන තවත් දැරියක එම පාසලේම සිසුවෙකු විසින් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සිසුවා අද (07) තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 14 ක් වූ තණමල්විල ජාතික පාසලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාර සිසුවියක්.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී මේ පිළිබඳව අනාවරණය වුණා.

දැරිය පොලිසියට ගෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී දැරිය සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සිසුවිය තණමල්විල ප්‍රදේශයේ පදිංචි සිය මිත්තනියගේ නිවසට ගිය අවස්ථාවේ එම පාසලේම 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් දැරියව අපයෝජනය කර ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර සිසුවා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර පාසලේ විදුහල්පතිවරයාගෙන් හා විනයභාර ආචාර්‍යවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
22
+1
3
+1
2
+1
29
+1
4
+1
7
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?