තණමල්විල අනතුරකින් එකම පවුලේ 04ක් රෝහලේ

තණමල්විල, රණවරණාව ප්‍රදේශයේ දී කාර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් දරුණු අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ පැමිණි එකම පවුලේ හතර දෙනෙක් තුවාල ලබා ඇති අතර එම රෝගීන් තණමල්විල මූලික රෝහලට ඇතුළත්කර පසුව වැඩිදුර ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇති බවට වාර්තාවනවා.

තවද අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ද ලුණුගම්වෙහෙර රෝහලලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මාතර දෙස සිට පැමිණි කාර් රථය තණමල්විල දෙසින් පැමිණි වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ති බවයි පොලිසිය පාවසන්නේ.

ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?