AFC Banner
AFC Banner
Empty Ad

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපාය අප්‍රේල් ප්‍රකාශයට පත් කරනවා

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපාය අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනයට පෙර වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා වේගවත් කිරීමට අපේක්ෂා කරන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ඉන්දියාව සහ චීනය ඇතුළු එහි සියලුම ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගෙන ඇති අතර, ඒ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලඩොලර් බිලියන 2.9ක, වසර 4ක මූල්‍ය පැකේජයක් සඳහා මාර්තු 20දා අවසන් අනුමැතිය ලබා දීමට වේදිකාව සකසා ඇති බව රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කර තිබෙනවා.

“විස්තීරණ මූල්‍ය පහසුකමට අදාළ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය නුදුරේදීම ප්‍රකාශයට පත්කරනවා. එහි අන්තර්ගත වෙනවා ණය ප්‍රතිව්‍යුහත කිරීම සඳහා අපේ වෑයම. එසේම මාධ්‍ය කාලීන අපේ ණය ඉලක්කයන් සම්බන්ධයෙන්ද එහි අන්තර්ගතයි. එම මධ්‍ය කාලීන සිට දිගු කාලීන ණය ඉලක්ක සපුරා ගන්නේ කෙසේද යන්න තමයි අපගේ මීළඟ පියවර”

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6කදී සිදුකිරීමට නියමිත අතර ඊට පෙර අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටත් හැකිවනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?