spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ණයට භාණ්ඩ හා සේවා ගත්තොත් රාජ්‍ය නිලධාරීන්ට ගෙවන්න සිදුවෙයි

ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබාගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට දැනුම් ඇති බව වර්තා වනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් සියලුම රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, එය කඩකරන ඕනෑම නිලධාරියකු එවැනි වියදම් සඳහා පුද්ගලිකව වගකිව යුතු බව ජනාධිපතිවරයා දන්වා තිබෙනවා.

මේ අතර රාජ්‍ය ආදායම, වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පවතින බැවින් රජයේ විදයම් කපා හැරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා දන්වා තිබෙනවා.

රජයේ ආදායම් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එමඟින් සිදුකළ හැක්කේ වැටුප් සහ විශ්‍රාම දීමනා, සුබසාධක, ඖෂධ සහ ණය සේවාකරණය පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?