AFC Banner
Empty Ad
Empty Ad

ණයට දුම්වැටියක් නොදුන් නිසා තරුණයෙක් කල හදිය

තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයෙකු ගෙන් දුම්වැටියක් ඉල්ලා ලබා නොදිම නිසා උරණ වු කරණවැමියෙක් එම ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් ඇණ තුවාල සිදු කර තිබෙනවා.මෙම ව්‍යාපාරිකයා ඔහු සතු රුපියල් 60,000ක් පමණ වටිනා ජංගම දුරකථනයට ද අලාභ හානි සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. රාත්‍රී 10.00 ට පමණ අධික ලෙස බිමත්ව සිටි තලවකැලේ නගරයේ කරණවැමියෙක් නගරයේ පිහිටි වෙලදසැලකට ගොස් ණය පදනම මත දුම්වැටියක් ඉල්ලා තිබෙනවා. එලෙස ණයට දුම්වැටි ලබා දිමට නොහැකි බව ව්‍යාපාරිකයා විසින් කරණවැමියාට පැවසිමෙන් පසු උරණ වි එම ස්ථානයෙන් බැහැර වු කරණවැමියා තියුණු ආයුධයක් රැගෙනවිත් ව්‍යාපාරිකයාට ඇණ තුවාල සිදු කර තිබෙනවා. නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත තුවාල ලැබු ව්‍යාපාරිකයා ඇතුලත් කර තිබෙනවා. සැකපිට අත්අඩංගුවට ගත් කරණවැමියා නුවරඑලිය දිසා අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් නලින් තිලකා හේරත් මහත්මිය වෙත ඊයේ (26) දින ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම නඩුව මැයි මස 04 වෙනිදා දින කැදවිමට නියෝග කළා. මෙලෙස ඇප මත මුදා හැරි සැකකාර කරණවැමියාට ඊයේ දින රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් තලවකැලේ නගරයේදිම පහර දි තුවාල සිදු කර තිබෙන අතර සැකකරු මේ වන විට ලිදුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවාත

CCTV දර්ශන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?