ඩොලර් නැති නිසා තේ වලින් තෙල් ගෙන්වන ආණ්ඩුව…

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළෙඳ අමාත්‍යාංශය අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉරාන තෙල් සමාගමට හිඟ ඩොලර් 250,925,169 ක මුදලක් පියවීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් (MoU) අද (21) අත්සන් කෙරුණා.

අද දහවල් 12.00 ට විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළේ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ඉරානයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍යය අලිරේසා පෙය්මන්පාක් දෙදෙනායි.

යෝජිත යෝජනා ක්‍රමය අනුව ලංකා තේ අපනයනය වැඩි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ජාතික ඉරාන තෙල් සමාගමට ඇති අමෙරිකානු ඩොලර් 250,925,169/= ක දිගුකාලීන ණය පියවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කෙරෙනවා.

ඒ අනුව මෙම යෝජනා ක්‍රමය මගින් මුදල් අමාත්‍යාංශයට ඩොලර් මිලියන 5කට සමාන මුදලක් දේශීය මුදලින් පියවීම සිදු කිරීමට හැකි වනවා.

පසුගිය දශක කිහිපය තුළ ලංකා තේ ආනයනය කරන ඉහළම රටවල් 10 අතර සිටි ඉරානයට 2012 නොවැම්බර් මාසයේදී පනවන ලද එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් බැංකු පද්ධතිය හරහා පිළිගත් ගෙවීම් යාන්ත්‍රණයක් නොමැති වීම නිසා මෙරට තේ අපනයනකරුවන් හට අපනයන ආදායම ලබා ගැනීමට අපහසු වී තිබුණා.

මේ ආර්ථික සම්බාධක හේතුවෙන් 2016 දී 47% ක පමණ වෙළඳපල කොටසක් හිමි ව තිබූ සිලෝන් ටී වෙළඳපොළ පංගුව 2020 දී 25% දක්වා පහත වැටුණා.

මේ හේතුවෙන් 2013 වසරේ දී තේ කිළෝ ග්‍රෑම් මිලියන 38.42ක් ශ්‍රී ලංකාවෙන් ඉරානයට අපනයනය කෙරුණද 2020 දී එය කිලෝග්‍රෑම් මිලියන 14.73 දක්වා පහත වැටී තිබුණා.

මෙම යෝජනා ක්‍රමය යටතේ මුදල් අමාත්‍යාංශය විසින් සෑම මසකම පළමු සඳුදා ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත මසකට ඩොලර් මිලියන 5කට සමාන මුදලක් (ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව) ශ්‍රී ලංකා රුපියල් නිකුත් කිරීමට අපේක්ෂිතයි.

මෙම යාන්ත්‍රණය පිළිගත් විගණන සමාගමක් හරහා පරීක්ෂාවට ලක් කෙරෙන අතර, නිර්දේශයන්ට පදනම්ව මුදල් අමාත්‍යාංශය විසින් මුදා හරින ලද අරමුදල්වලින් තේ අපනයනකරුවන්ට ගෙවිය යුතු ගෙවීම් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදු කරනු ඇති.

මෙම යෝජනා ක්‍රමය යටතේ විදේශ ප්‍රේෂණ සම්බන්ධ නොවන බැවින් කිසිදු ජාත්‍යන්තර මුදල් ගනුදෙනුවකින් තොරව ඉරානයට සිලෝන් ටී සැපයීම සඳහා මසකට ඩොලර් මිලියන 5කට සමාන මුදලක් ලබාදීමට යෝජිත වැඩපිළිවෙළ යටතේ අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47


?