AFC Banner
Empty Ad
Empty Ad

ඩොලර් නැතිව සිරවූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වරායේ ගොඩ ගැසෙයි

ඩොලර් ගැටලුව හේතුවෙන් මුදාගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 900 කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ නිදහස් කරගැනීමෙන් තොරව මාසයකට වැඩි කාලයක් ස්ථානගතකර තිබෙන බව වරාය ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මෙම කන්ටේනර් අතර සීනි මෙට්ට්‍රික් ටොන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් අඩංගු කන්ටේනර් 350 ක් පමණ ඇති බවත් රට තුළ පවතින සීනි හිඟයට ප්‍රධාන හේතුව වරාය තුළ ඇති සීනි කන්ටේනර් නිදහස් කර නොගැනීම බවත් වරාය ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මේ අතර සිරවී තිබෙන සීනි කන්ටේනර් මුදවා ගැනීමට අවශ්‍ය ඩොලර් ලබන සතිය වන විට නිදහස් කිරීමට පියවර ගන්නා බවට රජය දැනුම් දුන් බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

ඩොලර් හිඟය හේතුවෙන් මීට පෙර ද අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත ආනයනික භාණ්ඩ කන්ටේනර් විශාල සංඛ්‍යාවක් වරාය සිරවීමෙන් රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?