AFC Banner
Empty Ad
Empty Ad

ඩොලරයට සම්මත මිලක් දුන්නොත්, පාරිභෝගිකයින්ට සහන දෙන්නම් – ආනයනකරුවන් කියයි

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් ද ඉන්දීය ණය ආධාර ව්‍යාපෘතියට සම්බන්ධ කර ඩොලරය මහ බැංකුවේ සම්මත මිලට ලබාදෙන්නේ නම් ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලේ අඩුවීමක් කළ හැකි බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කර සිටිනවා.

ආනයනකරුවන් ඩොලරයක් රුපියල් 400 කට ආසන්න මුදලකට මිලදී ගෙන ආනයන සඳහා ගෙවීමෙන් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑම වැලැක්විය නොහැකි යැයි ආණ්ඩුවට පෙන්වා දීමෙන් පසුව විසඳුම් ලබාදීමට පොරොන්දු වුවද එය ක්‍රියාත්මක නොවූ බවත් ආනයනකරුවන්ට අඛණ්ඩව ඩොලර් සම්මත මිලට ලැබුණ හොත් මිල අඩුවීමක් වන බවයි ඔහු කියා සිටියේ.

මීට මාසයකට පමණ පෙර රුපියල් 200 කට මිලදී ගත් ඩොලරයකට මේ වන විට රුපියල් 400 ක් ගෙවීමට සිදුවීමෙන් පිරිවැය සියයට 100 කින් ඉහළ ගොස් ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?