ඩෙංගු හෝ චිකුන්ගුන්‍යා වැළඳුණු දරුවෝ පාසල් යවන්න එපා – හෘදයට හානි වෙන්න පුළුවන් (වීඩියෝ)

ඩෙංගු හෝ චිකුන්ගුන්‍යා රෝගය වැළඳුණු දරුවන් එම රෝගී තත්ත්වයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන තුරු පෙර පාසල් හෝ පාසල් යැවීමෙන් වළකින ලෙස රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, අසනීප තත්ත්වයෙන් පසුවන දරුවන් පාසල් හෝ පෙරපාසල් යැවීමෙන් කෙළි සෙල්ලම් කටයුතු කිරීමට යොමු වීමෙන් විඩාවට පත් ව, ඔවුන්ගේ හෘද වස්තුවට හානි විය හැකි බවයි.

රෝගය වැළඳුණු දරුවෙකු ඉන් ආරක්ෂා කරගැනීමට නම් මදුරු දෂ්ටනයෙන් වැළකී සිටීමට මදුරු දැල් ආදිය භාවිත කිරීම කළ යුතු බව ද වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දෙනවා.

ඩෙංගු හෝ චිකුන්ගුන්‍යා යන රෝග ද්විත්වයම වැළඳුණු දරුවන් කිසිවෙකුට ස්වාභාවික දියර පානයන් දීම හැර රතු හෝ කළු පැහැති ආහාරපාන දීමෙන් වළකින ලෙසයි විශේෂඥ වෛද්‍යවරයා උපදෙස් දෙන්නේ.

චිකුන්ගුන්‍යා නොවී දරුවාට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගය නම්, වැඩි වශයෙන් වෙහෙසට පත් වුවහොත් ජීවිත හානි පවා සිදු විය හැකි බවටත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

එබැවින් එම රෝග වැළඳුණු දරුවන් ව පෙරටත් වඩා සැලකිල්ලෙන් රැකබලා ගත යුතු බවයි විශේෂ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් සහ වගකිව යුතු පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07
Video thumbnail
නිවාඩු දිනයේදි බාහිර පන්ති පැවැත්වූ ගුරුවරු දෙදෙනෙකුට වැඩ වරදියි..පන්තිය නවතා - ළමයි ටික යවයි
01:27
Video thumbnail
හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම
01:05
Video thumbnail
"හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම..අපි කෞතුකාගාරයේ විතරයි දැකලා තියෙන්නේ"
01:30
Video thumbnail
මහජන ආරක්ෂක කමිටුව හරියට සක්‍රිය වුණොත් පොලිසියට වැඩ නැතිවෙනවා
02:54
Video thumbnail
D.V. චානක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..තෙල් ලංකාවට එන්න කළින් කොහොමද මිල වැඩි කළේ..?
06:39
Video thumbnail
ආණ්ඩු ප්‍රබලයෙක් ඉදිරියේ කාන්තාවක් කිව්ව සැර කතාව.."ඡන්ද ටික ගන්න නම් අනිවාර්යෙන් එනවා"
02:40
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට වටගලගෙන් රතු එළි..ඔබ විනාශ කරන්නේ රටේ ජනතාව
01:36
Video thumbnail
දිට්වා සුළිකුණාටුවෙන් පොඩි ගැස්සීමක් වුණා..බඩු මිල වැඩි වෙනවා..ඒක වළක්වගන්න බැහැ
03:27
Video thumbnail
නිරෝෂන් - විමල්ට හොඳම එකෙන් දෙසයි..සජිත් කියන්නේ අටලෝ දහමින්ම කම්පා නොවන නායකයෙක්..
06:13