ඩෙංගු රෝගයේ හිස එසවීමක් – වැඩිම අවදානම බස්නාහිරට

අවසන් දින 09 තුළදී නව ඩෙංගු 2420 ක් වාර්තා වූ බවත් මේ වන විට දිවයින පුරාවට ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක් සිදුවන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසනවා.

එලෙස වාර්තා වූ ඩෙංගු රෝගීන් 2420 අතරින් රෝගීන් 1317 කදෙනෙක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එය 54.4% ක ප්‍රතිශතයක් බවත් වෛද්‍ය කපිල කන්නන්ගර පෙන්වා දෙනවා.

එමෙන්ම දෙවැනියට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වර්තා වී ඇත්තේ දකුණු පළාතෙනුයි.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවලින් බවද වෛද්‍යවරයා අවධාරණය කළා.

ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කරමින් මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස වෛද්‍ය කපිල කන්නන්ගර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?