ඩෙංගු මරණ ගණන තවත් ඉහළට – රෝගීන් ගණනත් 51,000 පනී

මෙම වසරේ මෙතෙක් වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ඩෙංගු රෝගීන් 51,049ක් මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති බවයි.

මේ අතර මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි දැනුම් දෙමින් නව චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.