ඩෙංගු පරාජය කිරීමට නව ක්‍රමවේදයක් – පිරිමි මදුරුවන් බිහිරි කරවීමටත් සැරසෙයි

ඩෙංගු, කහ උණ සහ සිකා වැනි රෝග මර්දනය සඳහා විද්‍යාඥයින් පිරිසක් එක් ව විශේෂ ක්‍රමයක් සොයාගෙන තිබෙනවා.

ඩෙංගු පිරිමි මදුරුවන් බිහිරි කරවීම මගින් ඔවුන් සිය ලිංගික ක්‍රියාවලිය අක්‍රීය කරන බවයි මෙම පරීක්ෂණයෙන් හෙළි ව ඇත්තේ.

ගුවනේ පියාසර කරන අතරතුර මෙම පිරිමි මදුරුවන් ලිංගිකව හැසිරෙන අතර ගැහැණු මදුරුවෙකු පසුපස හඹා යාමට සිය ශ්‍රවණේන්ද්‍රිය යොදා ගන්නා බව පැවසෙනවා.

එබැවින් ශ්‍රවණය සඳහා පිරිමි මදුරුවන් භාවිතා කරන ජානමය මාර්ග පද්ධතිය වෙනස් කරමින් පරීක්ෂක කණ්ඩායම මෙම අත්හදා බැලීම සිදු කළා.

දින තුනක් එකම කූඩුවක බිහිරිව සිටි පිරිමි මදුරුවන් එහි සිටි ගැහැනු මදුරුවන් සමග කිසිදු ශාරීරික සබඳතාවක් නොපැවැත්වූ බවයි හෙළිව ඇත්තේ.

එබැවින් ගැහැනු මදුරුවන් විසින් මිනිස්සුන්ට රෝග බෝ කරන බැවින් එය මර්දනයට පිරිමි මදුරුවන් බිහිරි කරවිය හැකි බවටයි බීබීසී මාධ්‍යය වාර්තා කර සටහනේ දැක්වෙන්නේ.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරුන් විසින් වසරකට මිලියන 400ක පමණ පිරිසකට වෛරස් ව්‍යාප්ත කරන ඊඩිස් ඊජිප්ටයි (ගැහැනු) මදුරුවන් මෙම පර්‍යේෂණයට යොදා ගනිමින් සිය අධ්‍යයනය සිදු කරනු ලැබුවා.

එම මදුරුවන්ට ශ්‍රවණය සඳහා අත්‍යවශ්‍ය වන්නේ trpVa නමැති ප්‍රෝටීනයක් බැවින් එය ඉවත් කිරීමෙන් ඔවුන්ව බිහිරි කළ හැකි බවයි හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29
Video thumbnail
පපරේ සද්දෙ මැදින් කෝවිලට ආ රෝහිත - මාර පිළිගැනීමක් දෙන්නේ
01:19
Video thumbnail
පෙරහැරයක් මැද අලියෙක් කුලප්පු වෙලා ඇති වූ උණුසුම් තත්ත්වය
01:17
Video thumbnail
මේ දේවාලේ ඇවිත් ඉන්නේ කවුද කියලා අදුරනවද බලන්න..
00:21
Video thumbnail
බූමරංගය කැරකිලා ආපහු ආණ්ඩුවේ පැත්තටම එනවා
12:28